කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රංශය එලැඹෙන සඳුදා සිට සියලුම පෙර පාසල්, පාසල් සහ විශ්ව විද්‍යාල වසා තබන බව ජනාධිපති එමානුවෙල් මැක්රොන් රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
ඔහු කියා සිටියේ සියවසක් තුළ රට තුළ ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය හමුවේ මෙම තීරණය ගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මෙම අර්බුදකාරී අවස්ථාවේදී ප්‍රංශයේ ආර්ථික හානිය වළක්වා ගැනීම සඳහා එරට ව්‍යාපාර සඳහා ආධාර ලබාදෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
එමෙන්ම මින් බිඳ වැටෙන ආර්ථිකය නැවත ස්ථාපිත කිරීම සඳහා යුරෝපීය හවුල්කරුවන් සමග එක්ව කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත මහ නගර සභා මැතිවරණය කල්දමන බවද මැක්රොන් පවසා සිටියේය.
ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ පැවසුවේ කොරෝනා වෛරසය පැතිර යාමෙන් ප්‍රංශයේ මියගිය සංඛ්‍යාව බදාදා වනවිට 48 සිට 61 දක්වා ඉහළ ගොස් තිබූ බවයි.
එරට කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාවද 2,281 සිට 2,876 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයින් 129 දෙනෙකු ඉතා බරපතල හා ජීවිතයට තර්ජනයකට ලක්ව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.