ජාතික වශයෙන් සිදුකරන නව ලොක්ඩවුන් ක්රියාමාර්ගයකින් තොරව කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රංශයේ පාලනය ගිලිහී යා හැකි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ජාතිය අමතමින් පැවසීය.
රටේ ප්‍රදේශ 19ක දැනටමත් ක්‍රියාත්මක කර ඇති කලාපීය වශයෙන් පනවා ඇති සීමාවන් සති හතරක් පුරා සමස්ත රට වෙතම ක්‍රියත්මක කරන බවද හෙතෙම කීය.
ඒ අනුව මෙම අගුලු දැමීම යටතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ගෘහස්ථ සංචරණ සීමාවන අතර නිවසේ සිට වැඩකිරීමට මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනු ඇත. නව අගුළු දැමීමේ පියවර අප්‍රේල් 3දා ආරම්භ වන අතර එය මැයි 2දක්වා පවතිනු ඇත.
මැක්රොන් පැවසුවේ නව එක්සත් රාජධානියේ වෛරස ප්‍රභේදය වසංගතයක් තුළ වසංගතයක් නිර්මාණය කර ඇති බවය. එය වඩාත් බෝවන හා මාරාන්තික ප්‍රභේදයක් බවද හෙතෙම කීවේය.