ප්‍රංශය ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයන් 9,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර එය පසුගිය මාර්තු මාසයේදී වසංගතය රට තුළ පැතිරීමෙන් පසු වාර්තා වූ ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය ඒජන්සිය පවසයි.
බ්‍රහස්පතින්දා සිට සිකුරාදා දක්වා වාර්තා වූ ආසාදන 8,975ක් සමග බලධාරීන් විසින් රට පුරා සිදුකරන කොවිඩ් පරීක්ෂණ හැකියාවන් ඉහළ නංවා ඇති නමුත් මෑත දිනවල දක්නට ලැබුණු 7,000ක පමණ ආසාදිතයන් සංඛ්‍යාවට වඩා මෙය සැලකිය යුතු වර්ධනයක් බව කියයි.
ප්‍රංශය මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 30,730ක් වාර්තා කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි. මෙසේ ආසාදිතයන් ඉහළ යාමත් සමග අනතුරු ඇඟවුණේ මෙම ආසාදන මාරාන්තික තත්ත්වය වැඩිකිරීමක් වනු ඇති බවටය.