ප්‍රංශය තුළ වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් සහ බයෝඑන්ටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලබාදීම අනුමත කර තිබේ.
ඒ අනුව මෙම එන්නත රට පුරා ව්‍යාප්ත කරමින් භාවිත කිරීම සඳහා මෙම අවසය සමග අවස්ථාව හිමිවන බව ප්‍රංශ ජාතික සෞඛ්‍ය අධිකාරිය පවසයි.
මේ තත්ත්වයත් සමග එරට එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉරිදා ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදෙන බව රජය පවසයි.