කිලිනොච්චිය 57 වන යුද හමුදා සේනාංකය විසින් පරවි කුරුල්ලන් 241 දෙනෙකු යොදාගනිමින් පරවි ධාවන තරඟයක් කිලිනොච්චියේදී සංවිධානය කොට තිබුණි.
කිලිනොච්චිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී මෙම පරවි කුරුල්ලන්ගේ ධාවන තරඟය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා පරවියන් 241 දෙනෙකු කූඩුවල දමා එකවර නිදහස් කිරීම සිදු කෙරුණි.
අනතුරුව කූඩු වලින් නිදහස් කරන ලද පරවියන් 241 දෙනාගෙන් 214 දෙනෙකු කිලිනොච්චියේ සිට කිලෝමීටර් 280කට අධික ගුවන් දුර ප්‍රමාණයක් ගෙවමින් කොළඹ පිහිටි පරවියන්ගේ අයිතිකරුවන් නොහොත් පරවි වාස භූමි වෙතට අද (21) උදෑසන වනවිට ගොස් තිබුණි.
කිලිනොච්චිය වැසියන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වූ මෙම අවස්ථාව දැක බලා ගැනීමටද කිලිනොච්චියේ තරුණයින් ඇතුළු වැසියන් පිරිසක් සහභාගී වී සිටි අතර කිලිනොච්චියේ රැකියා විරහිත තරුණ තරුණියන් අතරේ මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙසේ පරවි ධාවන තරඟය සංවිධානය කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබුණි.
පරවි ධාවන තරඟය වෙනුවෙන් කොළඹ ධාවන පරෙවි සංගමයේ සහයෝගය ලබා දී තිබුණු අතර පරෙවි ධාවන තරඟය ආරම්භ කිරීමේ අවස්ථාවට 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතා සහ 571 වන බලසේනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.