X press peal නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට වන්දි ලබා දීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කල ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂක එච්.ඩී. රෝහිත ඇන්සලම් මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී ඊයේ (24දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.
රෝහිත මහතාගේ අභාවය පිළිබදව සිය ශෝකය පළ කරමින් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේ ඔහුගේ අභාවය පිළිබඳව බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි.
රෝහිත මහතාට කොවිඩ් වෛරසය ආසාධනය වි ඇත්තේ සිය රාජකාරි කටයුතු වල නිරත වෙමින් සිටි අවස්ථාවේදි වන බවත් ධීවර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.