එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් අපිරිසිදු වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු තවමත් පෙර ආකාරයෙන්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍ර අටක් පමණ සිංගප්පූරුවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ද එලයන්ස් ටු එන්ඩ් ප්ලාස්ටික් වේස්ට් නමැති ආයතනය මෙම වැඩපිළිවෙළ සදහා පරිත්‍යාග කර තිබෙනවා.
අදාළ යන්ත්‍ර අට රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්රියදර්ශනද සිල්වා මහතා වෙත භාරදීම අද සිදු කෙරුණා. යන්ත්‍ර මගින් වෙරළ තීරයේ ඇති ප්ලාස්ටික් පබළු එකතු කිරීමේ හැකියාව පවතිනවා.