රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරිපත්වු දෙමල ජනතා විමුක්ති කොටි පක්ෂයේ නායක සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්ට පාර්ලිමේන්තු සැසිවාරයේ සහභාගිවීමට මඩකලපුව මහාධිකරණය අවසර ලබා දී ඇත.
අද මඩකලපුවේ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයේ හා ඉදිරි සැසිවාරවල සහභාගිවිමට අවසරය මහාධිකරණ විනිසුරු එස් සුසයිදාසන් ලබාදුන්හ.
සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් යනු පිල්ලයාන් 2005.12.25 වන දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන සිවුවසරක් රක්ෂිත බන්ධනාගාර සිටීම විශෙශ්ෂත්වයකි.
පිල්ලයන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ඔහුගේ නායකත්වයෙන් දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂය නියෝජනය කරමින් තරග කර 67,542 ඡන්ද ලබාගෙන පක්ෂය ජයග්‍රහණය කල අතර ඔහු 54,277 මනාප ඡන්ද ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.
මඩකලපුව ටී එල් ජව්ෆර්කාන්
VIDEO