අද දින, එනම් 2021 අගෝස්තු මස 17 වැනි අඟහරුවාදා පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවලට අයත් කාර්යමණ්ඩල සහ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයට (Random Rapid Antigen Test) භාජනය කරන ලදී.
මෙදින දෙසිය හැත්තෑ පස් දෙනෙකු පරික්ෂා කළ අතර, පාර්ලිමේන්තුවේ විවිධ කාර්යාංශවලට අයත් දොළොස් දෙනෙකු (12) කොවිඩ් 19 වෛරසය ආසාදිත බැව් අනාවරණය වූ බැවින්, ආරක්ෂක කැමරා පද්ධතිය මගින් ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට මෙන්ම, අදාළ අංශ විෂභීජානුහරණය කිරීම සඳහා ද දැනටමත් කටයුතු කර ඇත.
ඒ අනුව 2021 අගෝස්තු මස 18 වැනි දින සිට නැවත දැනුම් දෙන තෙක් අවම කාර්ය මණ්ඩලයක් සහිතව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වා ගැනීමට තීරණය කර ඇත.
පූර්ව අවස්ථා කිහිපයක දී ද, මෙවැනි පරීක්ෂණ සිදුකර ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හදුනාගත් අතර ඔවුන් සම්බන්ධව ද අදාළ පියවර අනුගමනය කරන ලදී.