පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේදී පවසා ඇත.
සිය පළමු විදෙස් සංචාරය වන ඉන්දීය සංචාරයේදී 'ද හින්දු' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙනමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
19 ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක එකක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එසේම බලය බෙදාහැරීම පිළිබඳ හෝ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද %ද හින්දු^ පුවත්පත ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර, ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, 13 වැනි ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක් බවයි.
එහි ඇතැම් කරුණු මේ වනවිටත් ක්‍රියාත්මක වන බවත්, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එන පොලිස් බලතල ලබාදීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් රාජපක්ෂ මහතා පවසා ඇත.
එසේ වුවද ඒ සම්බන්ධයෙන් ගත හැකි විකල්ප මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
දමිළ ජනතාවට යහපත් ජීවිතයක් ලබාදීම පිළිබඳ සිංහල ජනතාවගේද කිසිදු විරෝධයක් නොමැති බවත්, උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් තමන් ගන්නා සංවර්ධන ක්‍රියාමාර්ග ගැන තවත් වසර 05කින් විනිශ්චයකට එළැඹීමට සැමට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.
'ද හින්දු' පුවත්පතේ කර්තෘ සුහාසිනි හයිඩර් මහත්මිය විසින් මෙම සාකච්ඡාව සිදුකර ඇති අතර, එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදී තිබූ පිළිතුරු කිහිපයක් මෙසේය,
මාධ්‍යවේදියාගේ ප්රශ්නය:-
ඉන්දියාවට ශ්‍රී ලංකා – චීන ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ වගේම ඔබ ආරක්ෂක ලේකම් සමයේ චීන සබ්මැරීන ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ගැටළුවක් තිබුණා. ඔබ ජනාධිපති විදියට මේ ගැන සංවේදී වෙනවාද?
ජනාධිපතිවරයාගේ පිළිතුර:-
අපි ඒ කාලෙත් ඒවාට සංවේදී. චීන සබ්මැරීන ලංකාවේ ගාල් කරන්න අවසර ඉල්ලුවාම නිලධාරීන් හිතුවේ මේක සාමාන්‍ය පැමිණීමක් කියලා ඒක අනුමත කළා. ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිව් ශංකර් මෙනන් ඔහුගේ පොතේ ලියා තිබෙනවා ගෝඨාභය ඉන්දියාවට එරෙහිව කිසිවක් නොකරන බව පැවසූ බවත්, එය එලෙසින්ම ආරක්ෂා කළ බවත්.
මාධ්‍යවේදියාගේ ප්රශ්නය:-
ඔබගේ වැඩිමහල් සහෝදරයා වන මහින්ද දැන් අගමැතිවරයා, අනිකුත් සහෝදරයා වන චමල් දැන් ඇමති කෙනෙක්. ඔබේ සහෝදරයන්ගේ කටයුතු සමග සබදතාවක් ගොඩනගන්නේ කොහෙමද? ඒ වගේම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවට වඩා පුළුල් බලය බෙදීමක් සිදුවේවිද?
ජනධිපතිවරයාගේ පිළිතුර -
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අපට ගන්න පුළුවන් නම්, අපි එය අහෝසි කරනවා. රටක් පාලනය කරන්න ස්ථාවර බව අවශ්‍යයි. නමුත් සිරිසේන - වික්‍රමසිංහ පාලනයේදී ඒ ස්ථාවරභාවය තිබුණේ නැහැ. ස්ථාවරභාවය නැතිව ආයෝජකයෝ එන්නේ නැහැ රටකට. 19 වැනි සංශෝධනය හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් සහෝදරයෝ දෙන්නෙක් ජනාධිපති සහ අගමැති වුණොත් පමණයි (සිනහසෙමින්)
මාධ්‍යවේදියාගේ ප්රශ්නය -
ඔබේ පවුලලේ දරුණුම පුද්ගලයා ඔබ බව පවසනනවා එය ඇත්තක්ද?
ජනාධිපතිවරයාගේ පිළිතුර-
(සිනහසෙමින්) අසත්‍යයක්. කුඩා කාලයේ ඉඳන්ම අපේ පවුලේ අහිංසකම පුද්ගලයා තමයි මම. ඒ වගේම මම හමුදාවට බැදෙද්දි අපේ පවුලේ අය කිව්වේ මහින්ද (මහින්ද රාජපක්ෂ) හමුදාවට ගිහින් මම දේශපාලනය කළා නම් හොඳයි කියලා