පාර්ලිමේන්තුව හෙට(23) පෙරවරුවේ සිට ලබන 26 වනදා දක්වා රැස්වීමට නියමිතය.
මේ අනුව මාර්තු 23 වන දින රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද විවාදයට ගනු ලබන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එදින පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනුලබනු ඇත.