Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් සඳහා නීතිපතිවරයාගේ මතය ප්‍රකාශ කරමින් ඔහු මේ බව සඳහන් කර කළේය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විදුරුවා හැරීමට ජනපතිවරයාට බලය ඇති බව සඳහන් කළ නීතිපතිවරයා එම බලය ව්‍යවස්ථාවේ කිසිම වගන්තියකින් සීමා කර නැතැයිද සඳහන් කළේය.
පාර්ලිමෙන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නීත්‍යානුකූල, නිවැරද තීරණයක් බවත් ජනපතිවරයා ව්‍යවස්ථාවේ බලතල අනුව ක්‍රියාකර ඇතැයිද සඳහන් කළේය.
එසේම ව්‍යස්ථාවේ 70 (5) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම, නැවත කැඳවීම සඳහන් පරිදි ජනපතිවරයා නීත්‍යානුකූලව එම පියවර ගෙන ඇති බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙසත් ඔහු වැඩිදුරටත් තම මතය ප්‍රකාශ කරමින් පැවැසීය.
popular news
sathyapala Tuesday, 13 November 2018 12:49 PM
රනිල් බලන්නේ තව ටිකක් කල් අල්ලලා තමන්ගේ බිරිදට නායකත්වය බාර දිය හැකි උප්පර වැට්ටියක්. අන්තිමට රනිල්ගේ ඒ තුරුම්පුවත් රනිල්ටම පාරාවළල්ලක් වෙන බවයි පෙනෙන්නේ. දැන් ඉතින් අර පැත්තෙන් මේ පැත්තෙන් නඩුව ඇදිල යනකොට අවුරුදු හතර හමාර ගෙවිලා ඉවරයි. නඩුව ඉවරවෙන තුරුම මහින්ද අගමැති සිරිසේන ජනපති. එජාපයේ ගුටි කෙලි.
Reply : 20 5
Champa Tuesday, 13 November 2018 01:59 PM
අනේද කියන්නේ? මම මේක විසිරුවපු දවසේ ඉඳන් කියනවා. අපේ ගමේ පුංචි සිඥ්ග්නෝටත් තේරෙනවා ජනාධිපති බලතල යටතේ "විසුරුවන්න පුළුවන්" කියන කොටස නැතුව කොහොමද පාර්ලිමේන්තුව අවුරුදු 4 1/2 කට පස්සේ විසිරුවන්නේ? එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 2/3ක් Resolution එකක් පාස් කරලා ඉල්ලුවොත් පාර්ලිමේන්තුව විසිරුවන්නේ කියල? "විසිරුවන්න පුළුවන්" කියන කෑල්ල දිහා බලල විතරක් විසුරුවන්න බැහැ. එහෙම විසිරුවන්න පුළුවන් අවස්ථා ව්‍යවස්ථාවේ තියෙනව. ඒ හින්දා විසුරුවන්න පුළුවන් ඒ අවස්ථා වල විතරයි. නැත්නම් ඉතින් අපි කියමු ජනවාරි චන්දෙන් බහුතරය හම්බ වුනේ නෑ කියලා. එතකොට මිනිහ ආපහු පහුවෙනිදා පාර්ලිමේන්තුව විසිරුවයිනේ. එතකොට ඒක නවත්ත ගන්නේ කොහොමද? නීතිපතිතුමා කියන්නේ ජනාධිපති කියන එක. මීට කලිනුත් කිව්වනේ ජනාධිපති තනතුර අවුරුදු 6 කට වලංගුයි කියලා. මුළු රටම දන්නවා ජනාධිපති පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැති බලයක් අරන් කියලා. අදම තීන්දුව දුන්න නම් ගැසට් එකේ විදිහට හෙට පාර්ලිමේන්තුව රැස් වෙන්න පුළුවන්. ලෝකෙටම ආඩම්බරෙන් කියන්න පුළුවන් විධායකය සහ ව්‍යවස්ථාදායකය ගැන මහජන විශ්වාසයක් නැති වුනාට ශ්‍රේෂ්ඨාධිකරණය රටේ ගෞරවය ආරක්ෂා කළා කියලා.
Reply : 1 8
Champa Tuesday, 13 November 2018 02:03 PM
මුළු රටටම ඕනේ වුනේ 2020 "අලුත් පාර්ලිමේන්තුවක්" දකින්න. දැන් මෙහෙම එක පාරට හිතුමතේ චන්දයක් තිබ්බහම ඊළඟ පාර්ලිමේන්තුවත් මහජන විශ්වාසය නැති පාර්ලිමේන්තුවක් වෙනවා. ඒ මොකොද කිව්වා නම් මිනිස්සුන්ට විකල්ප පුද්ගලයන් නැහැ තෝරලා එවන්න. මේ ඉන්න සෙට් එකම තමයි ආපහු පාර්ලිමේන්තු එන්නේ. හරිම අසාධාරණ විදිහට මහජන මතය බලහත්කාරයෙන් මංකොල්ල කෑමක් මේක.
Reply : 0 5
Champa Tuesday, 13 November 2018 04:18 PM
චන්දයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පොහොට්ටුව පරද්දන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් මහින්දලා පාර්ලිමේන්තු ගේන්නේ සල්ලි වලට අර බැසිල්ගේ හොර තිර පිටපත කියවල රටම රවට්ටපු "නාමල් කුමාර" වගේ මිනිස්සු. ඉස්සර නම් මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිතයෝ හොරු ගැන දැන ගත්තේ පාර්ලිමේන්තු ආවට හුඟක් පස්සේ. චික් විතරක් මේ පාර මහින්දගේ පැත්තෙන් පාර්ලිමේන්තු එන්නේ කෙලින්ම හොරු, වංචනිකයෝ, තක්කඩි.
Reply : 0 71
rocky Tuesday, 13 November 2018 05:04 PM
උසාවි තීන්දුව කුමක් වුනත් මේ ජනා ධිපතියා කුමන්ත්‍රණ පප්පෙක් බව හංගන්න බැහැ. මුලදීම මහින්දට, ඊ ලඟට ඌට නගින්න ඉනිමග තියපු පිරිසට .. ඊළඟට චන්ද දා යකයන්ට ඔක්කොටොම පයින් ගහල, පස්ස පැත්ත පෙන්නලා, ආපහු මහින්දගේ කරේ එල්ලුන. හැබැයි, මහින්ද මුගේ පිටේ යන්න වැඩි දවසක් යන්නේ නැහැ. භංගවේවා! රට කාපු ජරාධිපතියා භංග වේවා! දෙයියන්ගේ පිහිටෙන් මකබාවෙවා!!
Reply : 1 36
Don Wednesday, 14 November 2018 07:34 PM
මේයා ජනාධිපතිට බොරු උපදෙස් දීල අමාරුවේ දැම්ම මෙයාට ආයිත් ඉස්කෝලේ ගිහිං නීතිය ඉගෙනගෙන එනකම් ගෙදර ගිහිං බුදිය ගන්න කියමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd