පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත.
පාර්ලිමේන්තු මැතිවරණ දිනය - අප්‍රේල් 25
නාමයෝජනා කැඳවීම - මාර්තු 12 දා සිට 19 දා දක්වා
නව පාර්ලිමේන්තුව කැඳවීම - මැයි 14 දා
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවෙ වසර 4 හමාරක කාලයක් සම්පූර්ණ විය යුතුව තිබුණි. ඒ අනුව එම කාලසීමාව සම්පූර්ණ වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය.