පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීම ගැටලුසහගත බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පැහැදිලිව පෙන්නුවොත් තමන් ඇතුළු පිරිස විපක්ෂයේ අසුන් ගන්නා බවත් අනුරාධපුරය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (07දා) අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
"පසුගියදා නීතිවිරෝධී ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධයට පටහැණිව අගමැති කෙනෙක් පත් කිරීම මේ රටේ ප්රජාතන්ත්රවාදය ගරු කරන සියලු දෙනා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි අණ්ඩුව බලෙන් ඒ අය ලබා ගත්තට මහින්ද රාජපක්ෂ මහතා වටේ සහ ජනාධිපතිවරයා වටේ හිටපු ළඟම පිරිස් ඇමතිකම් ලබාගන්න පවා බයෙන් පසුවෙන බවට අපට තොරතුරු ලැබිලා තියෙනවා.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා එක්වුණාට මහමැතිවරණයකදී නාමයෝජනා ලබාදීමේදී කීදෙනෙකුට එළියට විසිවෙන්න වෙයිද දන්නේ නෑ. අනිත් කාරණාව තමයි බරපතළ දූෂණ, වංචා තියෙන අය ඇමතිකම් ගන්න උත්සාහ කරන්නෙ නැතිව නීතිපතිතුමාගේ කාර්යාලයේ තියෙන ලිපිගොනු උස්සන්නයි ඒ අය කුරුමානම් අල්ලන්නේ.
ඒක නිසා තමයි නීතිපතිතුමා නීතිපති කාර්යාලයට වැඩිපුර ආරක්ෂාව ඉල්ලන්නේ. මේ වන විට සභානායකවරයාගේ කාර්යාලයේ කිසිදු දෙයක් නීත්‍යනුකූලව භාරදී නැතත් බලහත්කාරයෙන් වගේ දිනේෂ් ගුණවර්ධන එම කාර්යාලයේ පදිංචි වෙලා ඉන්නවා. පසුගිය කාලයේ මහින්ද පාර්ශ්වයෙන් කෑගැහැවිවා පොලිස්පතිවරයා වහාම අයින් කළ යුතුයි කියල. දැන් ඒ ගැන කතාවක්වත් නෑ" යැයි පවසා සිටියේය.
මකුලෑව - ලේකම්ගේ අනුර බුල්නෑව - ප්‍රදීප් රණතුංග