9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඉතා චාම් අයුරින් ආරම්භ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව පස්වරු 3.00 දක්වා කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.
පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවන බවද කථානායකවරයා නිවේදනය කළේය.
යළි පාර්ලිමේන්තුව පස්වරු 3ට රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.