පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ බලයක් ඇත්තේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට බැවින් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව හදිසියේ රැස්කරන ලෙස කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා විසින් අග්රාමාත්යවරයාට යොමුකර තිබේ.
රටතුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශීර්ෂ දෙකක් යටතේ කරුණ දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ හදිසියේ පාර්ලිමේන්තුව රැස්කරන ලෙස කථානායකවරයාගෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියේය.