එක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් (අමාත්‍ය) ආලෝක් ෂර්මා නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඔහු අසනීප වී ඇති බව පෙනෙන්නට තිබේ.
පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී ෂර්මා අධික ලෙස දහඩිය දමන අතර, අත් ලේන්සුවකින් ඔහුගේ මුහුණ පිසදමන ආකාරයත්, නිතර කිවිසුම් පිටකරන හා නළල අල්ලාගෙන සිටින ආකාරයත් දැකගත හැකිව තිබුණි.
ආයතනික පාලන හා ද්‍රවශීලතා පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම අතරතුර සභා ගර්භයේදී රාජ්‍ය ලේකම් ආලෝක් ෂර්මාට අසනීප වී තිබුණි. ඒ අනුව වෛද්‍ය උපදෙස් පරිදි නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කර ඇති අතර, පසුව නිරෝධායයට යොමුකර තිබේ.
සිය ගණනක් මන්ත්‍රීවරු එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට පැමිණියේ බදාදා සමාජමය වශයෙන් දුරස්ථ ඡන්ද විමසීමේ ක්‍රියාවලියකට සහභාගී වීම සඳහා වන අතර, මේ සමගම පාර්ලිමේන්තුව් එදින රැඳී සිටි අනෙක් මන්ත්‍රීවරුන්ද යම් චකිතයකට පත්ව ඇති බව වාර්තා වෙයි.
එක්සත් රාජධානියේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව මේ වනවිට 1,851,530ක් වන අතර, මරණ සංඛ්‍යාව 40,000කට ආසන්න වී තිබේ. එය අද (04දා) පෙරවරුවේ දැක්වුණේ 39,811ක් වශයෙනි.