ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ හැසිරීම් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම තුළ හානියක් වීමට ඉඩ තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (21දා) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මැතිවරණය පවත්වන දිනය නියම කරන්න මැතිවරණ කොමසාරිස්වරයාට සම්පූර්ණ බලය තිබෙනවා. මේ රටේ දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් දැනගන්න ඕනෑ ජනතාවට හානියක් නොවන විදියට සහ කොරෝනා ව්‍යාප්ති වීම වළක්වාගත හැකි ආකාරයට විනයානුකූලව තමන්ගේ මැතිවරණය මෙහෙයවන්න.
එය මැතිවරණ කොමසාරිස්වරයාට කළ හැකි කාර්යයක් නෙවෙයි.
ඇඳිරි නීතිය ඉවත් කළාට පසු සමහර උදවියගේ හැසිරීම් රටාව බැලුවම කොරෝනා ව්‍යාප්ති වීම වළක්වාගන්න අපහසු බව අපි දන්නවා. ඒ වගේම තමයි මැතිවරණයේ දින නියම කළාම අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ නායකයන් ඒ විදියට හැසිරුණොත් මැතිවරණය පැවැත්වීම තුළ හානියක් වෙන්න ඉඩ තිබෙනවා. අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ.
කොරියාව වගේ රටවල් කොරෝනා වසංගතය ඉතාමත් දරුණුවට බලපෑ රටක්. එවැනි රටකත් මැතිවරණය තිබ්බා. අපේ රටේ ඉතිහාසය තුළ ඡන්දෙ දාන්න ගියාම මරණවා කිව්ව කාලවලත් මරණයට බය නැතුව මේ රටේ ජනතාව ගිහින් ඡන්දය දැම්මා. මැතිවරණ කොමසාරිස්තුමා තීරණය කර තිබෙනවා නම් මැතිවරණය තියන්න අපේක්ෂකයන් විදියට අපි දැනගන්න ඕනෑ කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමට අනුබල නොවන ආකාරයට මැතිවරණ ව්‍යාපාරය අරගෙන යන්නයි.
මැතිවරණයට බය විපක්ෂයක් තිබෙන්නේ. කොරෝනා වසංගතය ආපු වෙලාවේ ඉඳන් ඒ ගැන කිසිම සැලකිල්ලක් ගත්තේ නැති විපක්ෂයක්. පාර්ලිමේන්තුව කැඳවීමට කිසිම අවශ්‍යතාවක් නැහැ. අතිගරු ජනාධිපතිතුමාත්, අගමැතිතුමා සහ ආණ්ඩුව මෙම වසංගතය ව්‍යාප්ත වීම සියලු නිලධාරීන් සමඟ එකතු වී ජනතාව බඩගින්නේ තියන්නෙ නැතුව සිටින්න පුළුවන් ආකාරයට කොරෝනා පාලනය කරන්නට කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තුව කැඳවා මේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න අවශ්‍යතාවක් නැහැ. “
අනීෂා මානගේ