වසර 35ක කාලසීමාවක් තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්රධාන අලුත්වැඩියාව කිසිවක් සිදුකර නොමැති බැවින් එහි අලුත්වැඩියා සඳහා උපදේශක සේවා කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය හරහා කර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කඩිනමින් සිදු කළ යුතු යැයි හඳුනාගෙන ඇති අලුත්වැඩියා සිදුකර ගැනීම සඳහා වන උපදේශක සේවාව පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල උපදේශක කාරක සභාවේ නිර්දේශයද සලකා නාගරික සංවර්ධන අධිකාරියට මෙලෙස පැවරී ඇත. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල 1982 වර්ෂයේදී ඉදි කර තිබේ.