පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවා. මෙම සතියේ පාර්ලිමේන්තු සැසි වාරය දින දෙකකට සිමා කිරීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ.
ඒ අනුව අද දිනයේදී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සදහන් කළා.
අද දින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සදහා පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා කාලය වෙන්කර තිබෙනවා.
අනතුරුව පස්වරු 4 සිට පස්වරු 5ග30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නම් කෙරුනු එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමටද නියමිත බවයි එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කළේ.