පාර්ලිමේන්තුවේ අගමැති පුටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඔහු මේ වන විටත් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ජනපති නිකුත් කළ නිවේදනය ගැසට් නිවේදනයට අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි වීමට නියමිතය.
හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ විශ්වාසභංග යෝජනාව ගෙනෙන තෙක් ඔුහුට අගමැති පුටුවේ වාඩිවීමට අවස්ථාව තිබෙන බවයි.