වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන් ඉල්ලීමක් කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.
මේ ගැටලුව පාර්ලිමේන්තුව හරහා විසඳා ගත හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවත් අවසන් තීරණය පාර්ලිමේන්තුව විසින් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සිය පැහැදිලි කිරීම් සිදු කළේය.