තමාට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලෙස ඇරයුම් කළ ජනපති, අගමැති, ඇමති මණ්ඩලය, මැති ඇමතිවරුන්, පළාත් පාලන නියෝජිත ව්‍යුහයට, පොදුජන පෙරමුණේ සියලුම පාර්ශ්වකරුවන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, සමාජ ක්‍රියාකාරීන්ට හා පොදු මහජනතාට ස්තූතිය ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එසේම තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව දෙමින් සිය මන්ත්‍රීධුරය අත්හළ ජයන්ත කැටගොඩ මහතාටද ස්තූතිය ප්‍රකාශ කරන බව ඔහු පවසයි.
වත්මන් තීරණාත්මක අවස්ථාව යටතේ මෙම මොහොත කළමනාකරණය වෙනුවෙන් ජනපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් රජයත් ගන්නා වූ අප්‍රතිහත ප්රයත්නය තවදුරටත් ශක්තිමත් කර පොදු අභිලාෂයන් ජයග්‍රහණය කරවීම පිණිස කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බවත් ඔහු පවසයි.
සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉදිරි කටයුතු සඳහා ආශීර්වාදය හා සහයෝගය බලාපොරොත්තුවන බවයි.