මිනීමැරුම් චෝදනාවට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කරන ලෙසට ඉල්ලා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනකු විසින් ගොනු කළ අභියාචන පෙත්සම ලබන ජූනි 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මෙම අභියාචන පෙත්සම අද දින විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ආර්.ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර පෙත්සම්කාර පාර්ශවයේ ලිඛිත දේශන මාර්තු 22 වැනිදා ද , නීතිපතිගේ ලිඛිත දේශන අප්‍රේල් 29 වැනිදා ද ගොනු කරන ලෙසට නියෝග කරනු ලැබිය.
2015 වසරේ ජනවාරි මාසයේදී පැවති ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතන කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් පසුගිය වසරේ ජූලි 31 වැනිදා ඒ මහතාට මරණ දඩුවම නියම කළේය.
එම දඩුවම අවලංගු කර තමාන් නිදොස් කර නිදහස් කරන්නැයි ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා මෙම අභියාචනා පෙත්සමින් ඉල්ලා සිටියා.