කැනේඩියානු රජය පවසන්නේ වක්‍රය සමතලා කිරීමේ යම් සාර්ථකත්වයක් සහ රටේ සෑම තැනකම පාහේ නව කොරෝනා වෛරස් රෝගීන්ගේ මන්දගාමී වර්ධන වේගය තිබුණද, ව්‍යාපාරික හා ආයතනික පිරිස් වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) සපයන තෙක් ආර්ථිකයට නැවත විවෘත කළ නොහැකි බවයි.
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඊයේ (25දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, "වැඩ කරන පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සැලැස්මක් නොමැති නම්, ආර්ථිකයේ ඕනෑම කොටසක් නැවත විවෘත කිරීම ගැන කතා කළ යුතු යැයි මා සිතන්නේ නැහැ" යනුවෙනි.
කැනේඩියානු අධිකරණ පද්ධතියේ ඇතැම් කොටස් ඉදිරි සතිවලදී විවෘත කිරීමට සැලසුම් කර ඇති නමුත්, සමහර රජයේ ඇමතිවරුන් විසින් 'වයිල්ඩ් වෙස්ට්' ලෙස හඳුන්වා දෙන පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) ආර්ථිකයේ ඇතැම් අංශ වෙත පැමිණීම හෝ ලැබීම මන්දගාමී තත්ත්වයක පවතින බව කියැවෙයි.
කැනඩාවේ ආර්ථිකය නැවත විවෘත කිරීම සඳහා 'කොවිඩ් -19 ප්‍රතිශක්තිය' පිළිබඳ සංකල්පය මත රඳා නොසිටින බව ටෘඩෝ අවධාරණය කළේය.
"එක් වරක් කොවිඩ්-19 ආසාදනය වූ අයෙකුට තවත් වරක් එය ආසාදනය නොවනු ඇතැයි කියා තවම විද්‍යාව තහවුරු කර නොමැති බව ඉතාම පැහැදිලියි."
එසේ තිබියදීත්, කැනඩාව ප්රමුඛ වෛද්‍යවරුන් හා විද්‍යාඥයන්ගෙන් සමන්විත ප්‍රතිශක්තීකරණ කාර්ය සාධක බලකායක් නිර්මාණය කරමින්, ප්‍රතිදේහ පරීක්ෂණ සහ එන්නතක ශක්‍යතාව යන දෙකම තවදුරටත් ගවේෂණය කරමින් සිටියි.
අද වනවිට කැනඩාව විසින් අවම වශයෙන් කෝවිඩ් -19 ආසාදිතයන් 44,490ක් සහ ඊට සම්බන්ධ මරණ 2,549ක් වාර්තා වී තිබේ.