ප්‍රභූ ආරක්ෂක කටයුතුවල යොදවා සිටින පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට නීති විරෝධී ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු ලබාදී ඇතැයි පොලිස් නිලධාරීහු සඳහන් කරති.
මින් එක් නිලධාරියෙකු පොලිස්පතිවරයාගේ ආරක්ෂක අංශය නියෝජනය කරනා බවත්, අනෙක් නිලධාරියා අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය නියෝජනය කරන බවත් එම පිරිස් පෙන්වා දෙති.
මීට අමතරව සැරයන්වරුන් පස්දෙනෙකුටද කිසිදු ක්‍රමවේදයක් නොමැතිව උපපොලිස් පරීක්ෂක තනතුරු පිරිනමා තිබෙන බවත්, මෙම උසස්වීම් සියල්ලම විශේෂ උසස්වීම් ක්‍රමවේදයක් යටතේ ලබාදුන් බවට ප්‍රකාශ කරන බවත් මෙම නිලධාරීහු පෙන්වා දෙති.
මේ පිළිබඳ 'අද' පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ අදාළ උසස්වීම් 07 නිවැරදි ක්‍රමවේදයකට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ සිදුකර තිබෙන බවයි.