බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ පැ.කි.මි 70-80ක පමණ කෙටිකාලින තද සුළංද ඇතිවිය හැකිය.
ඇතැම් ස්ථානවල මි.මි. 50-75 පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකිබවද අවධාරණය කෙරේ.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස කාලගුළු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.