ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (11දා) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.
ඊයේ (10දා) සහ අද (11දා) අසනීප නිවාඩු වාර්තා කරමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේදී මෙම විරෝධතාව වැටුප් හා දීමනා විෂමතාව, ප්‍රවාහන දීමනා විෂමතාව, අනුමත තනතුරුවලට විශ්‍රාමික නිලධාරීන් සේවයේ යෙදවීම, පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් තිබියදී එම පුරප්පාඩු නොපිරවීම, නිසි පරිදි සේවයේ තනතුරු සඳහා පත්වීම් ලබා නොදීම යන කරුණු මූලික කරගනිමින් සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන් වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ විරෝධතාවෙහිදී, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධතාව දැක්වූ විරෝධතාකරුවෝ සිය සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් සඳහා විසිර ගියහ.
මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවූයේ වසර ගණනාවක් අදාළ බලධාරීන්ට ලිපි යොමුකොට, අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කර සාර්ථක ප්‍රතිපල නොලද නිසා බවද එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා සඳහන් කළේය.
නවෝද්‍යා පවනි/ ඡායාරූප - ඉසුරු පෙරේරා