හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාලට ඇති වී තිබෙන ගැටළුවලට විසඳම් ලබානොදීම නිසා හෙට (08දා) දින පැය 25ක වැඩ වර්ජනයක් සිදුකරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.
හෙට උදේ 7.00 සිට 09 වන දිනා උදේ 08.00 දක්වා කාලය තුළ මෙම වැඩ වර්ජනය සිදුකරන බවත්, මේ සඳහා වෘත්තීය සමිති 16ක් සහයෝගය දක්වන බවද එම බල මණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
වැඩ වර්ජනයක් සිදුකළත් අතවශ්‍ය සේවා ස්වෙච්ඡාවෙන් සිදුකරන බවත් එහෙත් නිල ඇදුම්වලින් තොරව සාමාන්‍ය ඇඳුමින් මෙම කටයුතු සිදුකරණ බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.