ඌව පළාත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස්වලට ලැබිය යුතු හිඟ අතිකාල මුදල් ලබා නොදීමට එරෙහිව හෙට (04දා) එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
2016 හා 2017 යන වසර දෙකට අදාළව හෙද නිලධාරීන්ට පරිපූරක වෛද්‍ය සේවාවල නිරත අයට හා අතුරු වෛද්‍ය සේවාවලඅයට හිඟ අතිකාල ලැබිය යුතුව තිබෙන බවද එම සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
මෙම ගැටලුව මුල් කරගෙන ඌව පළාත තුළ හෙට (04දා) උදෑසන 7.00 සිට 5 වැනි දින උදේ 7.00 දක්වා කාලය තුළ මෙම සේවාවන්ට අයත් පිරිස් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයක් දියත් කරන බවද කියා සිටියේය.