මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් අවස්ථාවල සුළගේ වේගය එම ප්‍රදේශවල පැයට කිලෝමිටර් 40-50 දක්වා ඉහළ යා හැකි බවයි.
මේ අතර සබරගමු ,බස්නාහිර පළාත්වල සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ගාල්ල -මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.