කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා. බොහෝ ප්‍රදේශවල ජනතාව ලිපි සහ පාර්සල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ තැපැල්කරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ.
බස්නාහිර පළාත, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය සහ එහි පාලිත උප තැපැල් කාර්යාලය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය හා තදාසන්න තැපැල් කාර්යාල, මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු අත්හිටුවනු ඇති.
ලිපි බෙදීම් අත්හිටුවා ඇති ප්‍රදේශවල රෝහල් මගින් සායනික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග සහ රාජ්‍ය ඔසුසල මගින් ඇණවුම්කර බෙදාහරින ඖෂධ බෙදීම් කටයුතු අඛණ්ඩව සිදුකෙරෙනු ඇති.