සබරගමුව පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ මඳ වැසි ඇති වීමේ හැකියාව හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
උතුරු පළාතේ සහ මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත්, පොතුවිල් ප්‍රදේශයේත් විටින් විට හමන පැ. කි.මී 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ශාංෂවලට ඍජුවම ඉහළින් පවන බව එම නිවේදනයේ සඳහන් වෙයි.
මීට අමතරව හෙට (06දා) දහවල් 12.08 වැලිපැන්න, වැද්දාගල, පල්ලෙබැද්ද අඟුණුකොළපැලැස්ස සහ මහිරාව යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.
මේ අතර, ඉදිරි පැය 24 සඳහා දිවයන වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර, සුළඟේ වේගය පැ. කි.මී 30-40 පමණ වේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නරාම හරහා කන්කසන්තරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි.මී 40-50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බවත්, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.