පේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවීඩ් වයිරසය ආසාදනය වි ඇති බවත් එහෙයින් පොලිසියේ සියලුම නිලධාරින් පි සි ආර් පරික්ෂාවට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවත් අද (19) සිට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුද විශේෂ රාජකාරි යටතේ පොලිස් නිලධාරින් 50 දෙනෙකු පේරාදෙණිය පොලිසියේ රාජකාරි සදහා යොදවන බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
පසුගියදා පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බව තහවුරු විමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කල රථවාහන අංශයේ හා පොලිසියේ ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂන පසුගිය (17) සිදු කරණු ලැබීය.
එම පි සි ආර් පරික්ෂණ වලින් තවත් පොලිස් නිලධාරින් 4 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වි ඇත. එම කෝවිඩ් ආසාදිතයින් 4 දෙනා කාන්තා නිලධාරින් දෙනෙකුද පිරිමි නිලධාරින් දෙදෙනෙකුද වන බව පොලිස් අධිකාරිවරයා පැවසිය.
කොරෝනා ආසාදිත නිලධාරින් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර ඇති අතර අනිකුත් පී සී ආර් පරික්ෂණ සිදුකල පොලිස් නිලධාරින් සියලුම දෙනා දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමටද පියවර ගෙන ඇති බව පොලිස් අධිකාරිවරයා පැවැසිය.
පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසාසිටියේ කෝවිඩ් ආසාදිත වු පළමු නිලධාරියා තමන්ගේ පෞද්ගලික රථයකින් පොලිසියට පැමිණ ඇති බවත් උණ ගතිය ඇති බව පැවසිමෙන් පසුව එම මොහොතේම රෝහල් ගත කිරිමට කටයුතු කල බවත් එම පොලිස් නිලධාරියා ගේ නිවසේ අයද හාල් මිලදි ගත් හාල් මෝලේ අය සහ තවත් භාණ්ඩ මිලදි ගත් වෙළද සැලක අයද ස්වයං නිරෝධායනයට ලක් කල බවද පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේය.
පොලිසියට පැමිණෙන මහජනතාවගේ හා පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව පතා පොලිසිය විෂබිජහරණයකට ලක් කර බවත් පොලිසියට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව පතා සියලුම ක්‍රියා මාර්ග ගෙන ඇති බවද මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසිය.