සෞදි ආරාබියේ හජ් වන්දනා සමයේදී ප්‍රථම වරට එරට කාන්තාවන් මක්කම මුරකාවල් වෙත රාජකාරීන් සඳහා අනුයුක්ත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ සිට මක්කම සහ මෙදිනාහි වන්දනාකරුවන් අධීක්ෂණය කරන ආරක්ෂක සේවාවල කාන්තා සොල්දාදුවන් යෙදවීම ආරම්භ කර ඇත.
කාකි නිල ඇඳුමින් සැරසී, දිග ජැකට් එකක්, කලිසමක් සහ කොණ්ඩය ආවරණය කර ඇති කළු පැහැති වස්ත්‍රයක් ඇඳ සිටින මෙම ආරක්ෂක නිලධාරිනියන් එරට පාලකයන් තැබූ ඉදිරි පියවරක් බව කියයි.
සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් ගතානුගතික මුස්ලිම් රාජධානිය නවීකරණය කිරීම හා විවිධාංගීකරණය කිරීම යටතේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලසුම්වල කොටසක් ලෙස සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මෙසේ සිදුකරමින් සිටියි.