එළඹෙන සඳුදා (16) සිට විෂන් එෆ්. එම්. නමින් අධ්‍යාපනික ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 සහ 102.3 යන ගුවන් විදුලි තරංග මලා ඔස්සේ විකාශනය කරන බව ජන මාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ජනමාධ්‍ය යොදා ගනිමින් දරුවන්ගේ ඉගනුම් අවශ්‍යතා සපුරාලීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශ එක්ව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ යටතේ මෙලෙස අධ්‍යාපනික ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කෙරේ.
ඒ අනුව “විෂන් F.M.” නමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 හා 102.3 යන F.M. තරංග මාලා ඔස්සේ මෙම නාලිකාව විසුරුවා හැරේ.
ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත ලබන සදුදා (16) සිට නව අධ්‍යාපන ගුවන් විදුලි නාලිකාව ආරම්භ වේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල,රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්,පියල් නිශාන්ත,සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (12) පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
සෑම දිනකම පෙ.ව.4.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය විස්සක් පුරා මෙම අධ්‍යාපන නාලිකාව ක්‍රියාත්මකය.
ඉන් 65% ක් විෂය මූලික ඉගැන්වීම් සඳහාද 35% ක් විෂය මූලික නොවන ඉගැන්වීම් සඳහාද වෙන්කර ඇත.