ළමයින් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු බවට විද්‍යාත්මක සාක්ෂි තිබුණත්, රජයකට තම පුරවැසියන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත්වීමට ව්‍යවස්ථාමය බැඳීමක් ඇති බැවින් ලබන දෙසැම්බර් මාසය දක්වා පාසල් හා අධ්‍යාපන ආයතන වසා තැබෙන බව පැරගුවේ ජනාධිපති මාරියෝ අබ්ඩෝ බෙනිටෙස් පවසයි.
"මෙම තීරණය පෙර නොවූ විරූ බව අප දන්නවා" බෙනිටෙස් පැවසීය. "ප්‍රධාන වශයෙන් දෙමාපියන්ගෙන් සහ අධ්‍යාපන අංශයෙන් සහයෝගය ඉල්ලා සිටීමට මම කැමතියි."
"එය දුෂ්කර වසරක් වනු ඇති බව මම දන්නවා. නමුත් අධ්‍යාපන ක්‍රමය තුළ තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමට හා ගැඹුරු කිරීමට අපට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි" යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
පැරගුවේ ගුරුවරුන් සඳහා මාර්ගගත පන්ති සඳහා විෂයමාලා සංවර්ධනය කිරීම සඳහා අන්තර්ජාල පුහුණු පාඨමාලා දියත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පවසයි. සීමිත අන්තර්ජාල පහසුකම් ඇති ප්‍රදේශවල සිසුන්ට 'භෞතික ද්‍රව්‍ය' බෙදා හරින බව අමාත්‍යාංශය පවසයි.
පැරගුවේ අවම වශයෙන් කොරෝනා වෛරසයට ආසාදිතයන් 228ක් සහ මරණ 9ක් පමණක් වාර්තා කර ඇති පසුබිමක ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගනියි.