මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේ බව අද අණාවරණය විය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් කාර්ය සාධක බලකායේදී මෙම කරුණු අණාවරණය විය.
මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව වෛද්‍යවරු එහිදී පැවසූහ.
තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුල නිෂ්පාදනය කිරීම අරඹා ඇති අතර එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයක් වන අතරම එම නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා පැවසීය.
වෙෙළඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.