පරාක්‍රම සමුද්‍රය මේ වන විට වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සදහා අද දින වාන් දොරටු දහයෙන් දෙකක් ම අඩි එක බැගින් විවෘත කල බව පොළොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පවසයි.
පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය අක්කර අඩි එක්ලක්ෂ දාසය දාස් එක සියක් රදවා ගතහැකි බැවින් මේවන විට ඒ අසන්නයට පැමිණ ඇති බැවින් අද අළුයම වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කිරිම සිදු කලා.
උපරිම ජලමට්ටම දක්වා පුරවා ඇති අතර පවතින අධික වර්ෂා තත්වයත් සමග ජලාශයට එක්වන වැඩි ජලය ඉවත් කිරිම සදහා වාන් දොරටු විවෘත කිරිමටත් වර්ෂා තත්වය පහව ගියොත් අරින ලද වාන් දොරටු වසා දැමිම සිදු කරන බවත් මහවැලි ගඟ වෙත මෙම වාන් ජලය පිටවන බැවින් එ ආශ්රිත ගම්වල ජනතාව සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.