ඊයේ (23) සවස 4.00න් අවසන් වූ පැය 48 කාලය තුළදී රිය අනතුරු හා ඝාතනය කිරීම් වෙනත් අනතුරු නිසා පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ. මෙහිදී පුද්ගලික හෝටලයක ලීවලින් සකස් කළ බැල්කනියක් කඩා වැටීම නිසා චීන ජාතික තරුණියක් මියගොස් ඇත.
මීට අමතරව පොළොන්නරුව ප්‍රදේශයේදී සිය පුතා විසින් මොට ආයුධයකින් පහරදී සිය පියා ඝාතනය කර තිබෙන අතර කැලණිය ප්‍ර‘දේශයේදී පියා විසින් තියුණු ආයුධයකින් පහර දී පුතෙකු ඝාතනය කර තිබේ.
මේ අතරතුර කාළය තුළ රිය අනතුරු නිසා පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට අමතරව තංගල්ල ප්‍රදේශයේදී ඊයේ (23දා) උදෑසන සිදු කළ වෙඩි තැබීමක් නිසා පුද්ගලයෙකු මියගොස් ඇති අතර සවස හික්කඩුව ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
තවද පෙරේදා (22දා) ගොඩනැගිල්ලකින් බිමට වැටීම නිසා උඩප්පුව ප්‍ර‘දේශයේ 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.