කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 45 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,664 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ අතර , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 16 ක මෙහෙයුම් කටයුතු ද මෙම කාළසීමාව තුළ සිදු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 22 කින් ගුවන් මගීන් 989 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එම ගුවන් මගීන් පිරිස අතර මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට 168 දෙනෙකු ද , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට 109 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දමාම් සිට 105 දෙනෙකු ද සිටියහ .
එමෙන්ම මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවට රටවල් 08 කින් විදේශිකයින් 73 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් අතර ද්විත්ව පුරවැසිභාවය හිමි ගුවන් මගීන් 25 දෙනෙකු ද , චීනයේ සිට 33 දෙනෙකු ද ,ස්විට්සර්ලන්තයේ සිට 07 දෙනෙකු ද සිටියහ .
එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් යානා 23 කින් ගුවන් මගීන් 675 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .
එම පිරිස අතර පාකිස්තානයේ ලාහෝර් වෙත 129 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 137 දෙනෙකු ද සිටිති .
එසේම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 10 ක් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් භාණ්ඩ රැගෙන පැමිණ තිබූ අතර , තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් භාණ්ඩ රැගෙන විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
එමෙන්ම මෙම කාළසීමාව තුළ මත්තල ගුවන් තොටුපළ තුළ කිසිදු ගුවන් යානා මෙහෙයුම් කටයුත්තක් සිදු නොවූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .