කලු ගඟේ ජල මට්ටම සීග්රයෙන් ඉහළ යමින් පතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. කලු ගඟ ඉහළ ප්රදේශයට අද (12දා) සවස ඇදහැලුණ ධාරාණිපාත වැසි නිසා රාත්රී 10.00 වනවිට කලුගඟේ මුවගම ජල මාපකයේ ජල මට්ටම අඩි 11 අඟල් 06 ඉක්මවූ බවට සඳහන් විය.
එය පැය පහක කාලයක් ඇතුළත අඩි දහයක පමණ ඉහළ යාමක බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි සොබා වෙබ් අඩවියේ දත්ත පෙන්නුම් කරයි. 12දා සවස 05.00 වනවිට කලු ගඟේ ජලමට්ටම මුවගම ජල මාපකයේ දිස් වූයේ අඩි 01 අඟල් 07ක ලෙසය.
මුවගම ජල මාපකයේ මීටර් 05.00 මට්ටමට කලු ගඟේ ජල මට්ටම ගිල ගියවිට එය ගංවතුර අවදානමක් ඇති නිසා පෙර සුදානම් වීමේ තත්ත්වයක් ලෙසට මහජනතාව දැනුවත් කෙරේ. මීටර් 07.5 යනු සුලූ ගංවතුර තත්ත්වයකි. මීටර් 09.5 යනු මහ ගංවතුර තත්වයකි. මීටර් 10.5 දක්වා ජලමට්ටම වැඩි වුවහොත් එය දැඩි අවදානම් ගංවතුර තත්ත්වයක් බව රත්නපුර දිස්ත්රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා පෙන්වා දෙයි.