මහමැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කර පෙන්වන්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.
බේරුවල ආසනය නියෝජනය කරන තමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගිය වර පළාත් පාලන මැතිවරණයේදී රාජිත සේනාරත්න මහතාට තමන් කළ අභියෝගය ජය ගැනීමට නොහැහැකි වූ බවද හෙතෙම පවසා සිටියේය.