තම පියාට අමානුෂික අයුරින් පහර දුන් පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්රිවරයකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් ඊයේ රාත්රියේ අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන නාගරික මන්ත්රිවරයෙකී.
පියාට අයත් උළු තොගයක් වෙනත් අයකු ට ලබා දිමක් සම්බන්ධව පියා හා පුතා අතර වචන හුවමාරුවක් සිදුවිමේන් පසු නාගරික මන්ත්රිවරයා තම පියාට මෙසේ පොලු මුගුරු වලින් පහර දි ඇති බව ඔහු පුත්තලම මුලස්ථානයට 4 දින අලුයම පැමිණිලි කර තිබුනී.