ජාතික රුක් රෝපණ සතියේදී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටු කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (17දා) පස්වරුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.
ඔක්තෝබර් මාසයට යෙදන ජාතික රුක් රෝපණ සතියේදී දිවයින පුරා පැළ තිස් ලක්ෂයක් සිටුවීමේ පුළුල් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයා මගපෙන්වීමෙන් පරිසර අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබේ.
ජීවිතයේ සෑම විශේෂ කටයුත්තකදීම පැළයක් සිටුවීමට ජනතාව හුරු කිරීම, පෙම්වතුන්ගේ දිනයේදී අදාළ යුවළ එක්ව පැළයක් රෝපණය කිරීම ආදි විවිධ වැඩසටහන් පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.