වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 31 දෙනෙකු අද (17දා) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගොස් ඇත්තේ සෙවනගල හා නාවලපිටය යන ප්‍රදේශයන්හි පුද්ගලයන් වන අතර ඔවුන් පසුගිය දිනයන්හි එම ප්‍රදේශයන්හි වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සමග සබඳතා පැවත්වූ පුද්ගලයින් බවටද යුද හමුදාව ප්‍රකාශ කර සිටියේය.