අද මධ්‍යම රාත්‍රී 12 සිට පාන් ගෙඩියක මිල රුපියල් දෙකකින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
තිරිඟු පිටි පැවති මිලටම ලබාදීමට සමාගම් තීරණය කර තිබෙන නිසා මෙම තීරණය ගත් බවද එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.
තිරිඟු පිටි සමාගම සමග සාකච්ඡා කර ඉහළ දැමූ තිරිඟු පිටි මිල සාමාන්‍ය තත්ත්වයට පත් කළ බවද ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
තිරිඟු පිටි මිල ඉහළ දැමීම පිළිබඳව මේ මස 17 වන දින රැස්වෙන ජීවන වියදම් කමිටුවේදී තීරණය කරන බවද කියා සිටියේය.