කලුතර උතුර සිරිලන්දවත්ත බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු අද 14 දින සවස පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ පලාගොස් ඇත්තේ කොළඹ සංස්කා පර පදිංචි ගාමිණී වසන්ත නම් අයෙකු බවත් මෙම සැකකරු පසුගිය මාර්තු මස 13 දින නීති විරෝධී ගංජා ලග තබාගැනීම සම්බන්ධයෙන් කොළඹ ග්රෑන්ඩ්පාස් පොලීසිය මගින් අතඩංගුවට ගෙනඋසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත වූවෙකි.
හෙතෙම අද දින සවස කලුතර බන්ධනාගාර භෝජනාගාරය පිරිසිදු කරමින් සිටින අතරතුර පලාගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කලුතර උතුර පොලීසිය විමර්ශන සිදුකරමින් සිටී
මීගහතැන්න ප්රෙමතිලක පෙරමුන