එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක වීමෙන් පසුව ජනාධිපතිවරණ සටනේ වැඩි බරක් පැටවී ඇති උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් සමග විවාදය අද පැවැත්වෙයි.
ඒ අනුව ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අවිනිශ්චිත වී ඇති පසුබිමක රිපබ්ලිකන් ජනපතිවරණ තරගයේ සහාය ධාවකයා බවට පත්ව ඇති මයික් පෙන්ස් වෙත ඉදිරිපත්ව ඇත්තේ ඉතා අභියෝගාත්මක ධාවනකයකි.
මේ තත්ත්වය තුළ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ගේ කර්තව්‍යයද වඩාත් සංකීර්ණ කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එක්සත් ජනපද වාර්තා පෙන්වා දෙන පරිදි විවාදයට නොපැමිණියද ට්‍රම්ප් විවාදයේ කේන්ද්‍රීය වේදිකාවට ධවල මන්දිරයේ සිට අණදීම සිදුකරන බව සඳහන් වෙයි.