ශ්‍රී ලංකා යුද හමුදාව , ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන අතරින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කන්දකාඩු හා පුනානි කඳවුරු වල නිරෝධායනය වු 311 දෙනෙකු අද (24) දිනයේ මුදා හැරි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද (24) පැවති කොරෝනා මර්දන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව කන්දකාඩු කඳවුරෙන් 108 දෙනෙකුද පුනානි කඳවුරෙන් 203 දෙනෙකු බස් රථ 11කින් අදාළ විවිධ ප්‍රදේශවලට අද ඔවුන් යොමු කළ බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එම පිරිස් නිවේස් වලට යාමට පෙර වෛද්‍යවරුන් ගෙන්වා ඔවුන් නිවෙස් තුළ කෙසේ නිරෝධායනය විය යුතුද යන්න උපදෙස් මාලාවක් ලබාදුන් බවත් යුදහමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.